ලෝකවාසී සියළුම බෞද්ධ ජනතාව වෙත කෙරෙන කාරුණික ආරධනාවයි!

 මෙහි දැක්වෙන්නේ අපගේ බොහෝ ගෞරවාදරයට පාත්‍ර වූ පන්සිය පනස් ජාතක පොතෙහි පළමු ජාතක කතාව වූ අපන්නක ජාතකය පිළිඹිබු වන පරිදි නිර්මාණය කල චිත්‍ර කතාවකි.

මේ චිත්‍ර කතාව ඉතාම අලංකාර ලෙස සිතුවමට නගලා තියෙන්නෙ මා කාලයක් තිස්සේ දන්නා හඳුනන මහත්මයෙක්. මේ සම්පූර්ණ කතාව නිර්මාණය කරල තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. මම එතුමන්ගෙන් විමසා සිටියා එය ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන්න හේතුව කුමක්ද කියලා. ඔහු දීපු පිළිතුර මාව විශ්මයට පත් කලා...

ඔහුගේ පරමාර්ථය අපගේ ජාතක කතා පොත ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙන‍යෑම. එමෙන්ම ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව, මිය යෑමට ප්‍රථම  අපගේ පන්සිය පනස් ජාතක කතා පොතෙහි තිබෙන සියලුම ජාතක කතා මේ ආකාරයට ඉංග්‍රීසි බසින් චිත්‍ර කතා විදියට නිර්මණය කරලා අපගේ මේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යය ජාත්‍යන්තරයට ගෙනයෑම කියලා ඔහු පැවසුවා.

එවිට හෙලයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා විසින් කරනලද එක්තරා ප්‍රකාශයක් මාගේ සිහියට නැගුනා. 

"සිංහල බෞද්ධ සාහිත්‍යය ලෝක ප්‍රජාව වෙත ගෙන යා හැකි හොඳම ග්‍රන්ථය පන්සිය පනස් ජාතක කතා පොතයි."

මොහුගේ සිතුවිල්ල කොතරම් ශ්‍රේෂ්ඨ එකක්දැයි එවිට මට සිතුනා. නමුත් මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවද මට වැටහුනා. ඔහුට මේ සඳහා කෙතරම් නිර්මාණාත්මක හැකියාව සහ දැනුම තිබුනත් මේ පොත් ඉතා ආකර්ෂණීය ලෙස හොඳම තත්වයෙන් මුද්‍රණය කිරීමට අවශ්‍ය ආර්ථික ශක්තිය මේ වන විට ඔහු සතුව නැහැ. මක් නිසාද කොවිඩ් වසංගතය හේතුකොට ගෙන බොහෝ දෙනෙකුට වූ පරිදි ඔහුටද විශාල අර්ථික පසුබෑමකට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවා.

ඔබ සිංහල බෞද්ධයෙක්නම් මදක් සිතා බලන්න! 

ටිං ටිං, සූරපප්පා, බැට් මෑන්, සුපර් මෑන්, ස්පයිඩර් මෑන් වැනි නිර්මාණ ආරම්භ වෙන්නෙ චිත්‍ර කතා විදියට. ඒ නිර්මාණ අද වෙනකොට මුළු ලෝකයම වැළඳගෙන තියෙනවා. අපගේ ජාතක කතා ඉහත සඳහන් සියළු නිර්මාණ අභිබවා යාහැකි ගුණාත්මකභාවයකින් සහ හරවත්භවකින් යුක්තයි. එසේනම් අපගේ ජාතක කතා පොතෙහි එන ජාතක කතා එවැනි ආකර්ෂණීය චිත්‍ර කතා විදිහට පිළියෙල කලහොත් ලෝක ප්‍රජාව එය කොතරම් වැළඳගනීවිද?

මාටිං වික්‍රමසිංහ සූරීන් විසින් මීට බොහෝ කලකට පෙර කළ එම ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට මා දන්නා තරමින් මෙතෙක් අපරට තුල කිසිවෙක් ඉදිරිපත් වී නොමැත. මා දන්නා තරමින් එවැන්නෙක් ඉදිරිපත් වී ඇති ප්‍රථම අවස්ථාව මෙයයි! ඒ නිසා මේ මහා පුණ්‍යකර්මය කිරීමට ඉදිරිපත් වී ඇති මෙම පුද්ගලයා ආරක්ෂා කරගෙන ඔහුව දිරිගැන්වීම ලෝකවාසී සියළුම බෞද්ධ ජනතාවගේ පරම යුතුකමක් ලෙස මා දකිමි.

ධර්මදානය උතුම්ම දානය ලෙස අප බුදුරජාණන්වහන්සේ විසින් දේශනාකොට ඇත. එසේනම් අපගේ සිංහල බෞද්ධ සාහිත්‍යයේ ඇති හරවත් දේ ලෝක ප්‍රජාව වෙතට ගෙනයෑම අපට මේ ආත්මය තුල කල හැකි විශාලම පුණ්‍යකර්මයක් බව මින් පැහැදිලි වේ.

ලෝකවාසී සියළුම බෞද්ධයන්ගේ සහය මොහුට ලැබුනහොත් මෙම කාර්යය ඉතා පහසුවෙන් කිරීමට ඔහුට හැකියාව ලැබෙනු ඇත. මේ සඳහා විශාල මුදල් පරිත්‍යාගයන් කරන ලෙස මම ඔබගෙන් ඉල්ලා නොසිටිමි. සිංහල බෞද්ධයෙක් වූ ඔබ අපගේ පන්සිය පනස් ජාතක කතා පොත ලොව පුරා ඇති පොත් වෙළෙඳසැල්වල තිබෙනු දැකීමට කැමති අයෙක්නම් ඔබට බැංකුවක තැන්පත් කලහැකි අවම මුදල් ප්‍රමාණයක් පහත සඳහන් ගිණුමට තැන්පත් කොට මේ මහා ධර්ම දානමය පිංකමට දායක වන ලෙස මා ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

එමෙන්ම මෙම පණිවිඩය හැකි තරම් මිතුරන් අතරේ බෙදාහරින ලෙසද ඔබෙන් ඉල්ලා සිටිමි.

සියළුදෙනාටම තෙරුවන් සරණයි.

මම

කාගල ඥානරතන හිමි.

(ත්‍රිපිඨකාචාර්ය, ශාස්ත්‍රවේදී, විහාරාදිකාරී සිරි සුමනසාර විහරය, තලංගම දකුණ, බත්තරමුල්ල )


නම: එම්. කේ. ජයසිරි
ගිණුම් අංකය: 055 020 267 779
බැංකුව: HNB
ශාඛාව: බොරැල්ල
ඔබගේ තැම්පතු රිසිට්පතේ ඡායා පිටපතක්,
නම, ලිපිනය සහ දුරකථන අංකය සමග 0776 40 41 67 අංකයට Whatsapp කරන්න.
එවිට අපගේ ඉදිරි කටයුතු පිළිබඳ සියළු තොරතුරු, අපගේ ගිණුම් විස්තර සමග ඔබව දැනුවත් කරනු ඇත.
ඔබට තෙරුවන් සරණයි!
මාජුවන කේ. ජයසිරි

 


0 Comments:

Post a Comment